Thursday, November 17, 2016

facts and evidence

මිනිස්සු ගොඩක් අදුනනව කියන්නේ යාලුවෝ ගොඩක් ඉන්නවා කියන එක නෙවෙයි, අපි කටබහ කරලා අදුන ගෙන හිනා වෙලා hi bye කියන ඔක්කොම යාලුවොද? සමහරු හිතන් ඉන්නේ නම් එහෙමයි.
මට වංචා කරලා මව රවට්ටලා මගේ යාලුකමෙන් යුතු ප්‍රයෝජන අරගත්ත, මිනිස්සු හිතනවා මම මෝඩයෙක් කියල.
ඇත්ත මම මෝඩයෙක් උනා, දවස දෙක තුනක් හම්බ වෙලා උදේ හවස මීට් වෙලා හොදට හිනා වෙලා එක බත් එක කන්න සෙට් උන ගමන්, ගෙවල් වලට ගෙන්නාගෙන කන්න බොන්න දීල, සමහරුන්ට උදේ පාන්දර  ට්‍රිප් යන්න ඕන උනාම මහා රෑ ගෙවල් වල ඉන්න දීල, සමහරුනට bday වලට පාර්ටි දන්නා සල්ලි එකතු කරාම සල්ලි තියෙද්දී අනේ වැඩක් නෑ බන්, ඇයි බන් උබට කහනවද ඕව කරන්න,කියද්දී උන් සල්ලි දෙන්න අදිමදි කරාම මමම සල්ලි දාල උබලගේ bday වලට පාර්ටි සෙට් එකතු කරන්අපු වෙලාවල් තියනවා,.....  කියන්න පුළුවන් තව ඔය වගේ කරපු එක එක,එක එක්කෙනාට කරපු දේවල් වෙන වෙනම කියන්න ඕන නෑ මම කරේ සහ කරපුව දන්නෝ දනිති මම කරපු හැටි, මට ලෝකෙට අණ බෙර ගගහ කියන්න ඕන නෑ, ඒ කරපු දේවල් දැන් මෙහෙම හරි ටිකක් කිව්වේ කාටද මේ මම කියන්නේ කියල උන් දාන ගන්න ඕන නිසා. ඒ වගේ විස්වාස කරා මම. ඒ විශ්වාසයට උබ දීපු නම තමයි අරු මහා මෝඩයෙක්.

සමහරු කරන්න තියන ජරාම වැඩ කරලා, මගේ අතට අත දීල අහනවා මචන් වුලක් නෑ නේ කියල,
ඒ වෙලේම කියන්න ඕන එක මුනට කියනවා මම, එහෙම කිව්වට පස්සේ අන්තිමට ඔක්කොම බොක්කවල් කොහෙද නෑ, මොකද උන්ගේ වටේ ඉන්න උන් දන්නවා උන් කරපු දේවල් මාට්ටු උනොත් උන්ට මම කියන්නෙත් ඒ කතාවම තමයි කියල . උබල කිව්වා කතා,උබල පොඩ්ඩ පොඩ්ඩ  කරපු සක්කිලි වැඩ මට මාට්ටු වෙද්දීත් මම කට වහගෙන කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව ඉන්න කොට උබල හිතන්නේ අරු මහා මෝඩයෙක් කියල.උබල  ඒකෙන් තව අයුතු  ප්‍රොයෝජන ගන්නවා අදටත් මම කටවහගෙන හිටිය නම්, එහෙනම්  මම අදටත් උබලයි බොක්ක, උබල මට කතා කරනවා , එහෙනම් උබල අදටත්  comment  කරයි like කරයි.උබල එක්ක ඇවිදිනවා උබල එක්ක ෆිල්ම් බලනව,

ඔබල ගැන කොච්චර දේවල් සමහර මිනිස්සු මට කිව්වද අරු මෙහෙමයි මු මෙහෙමයි කියල, මම ඒවා එකක්වත් ඇහුව්වේ නෑ උන් එහෙම කියද්දී පවා මම උබලව විස්වාස කරලා උන්ව කැපුවා, අද උබල මව කපල උබල ගැන කතා කියාපු උන් කවුද කියල උබල දාන දැනත් උබල ඔක්කොම දැන් එතකු වෙලා.  එදා මට උබල ගැන කිව්වා වගේම උබලට මම ගැනත් දැන් කියනවා ඇති.

මගේ වටේ හිටපු උන් එක්ක උබල අද බොක්කේ ෆිට් එකක් තියනවා නම්, අනිවා එකට මම ලොකු හේතුවක් වෙන්න ඕන, මට මේක ලොකු අවුලක් ඉස්සර, අදින් පස්සේ මම මේක අවුලක් කරගන්නේ නෑ, මට ඕන උබල මම මෝඩයෙක් කියල හිතන් ඉන්න එක නතර කරන්න, ගොඩක් අයගේ දේවල් එකතු කරනවා ඒ මට ඕන උබල මම ගැන හිතුව දේවල් වැරදි කියල ඔප්පු කරන්න ඕන නිසා, නැතුව පලි ගන්න ඕන නිසා නෙවෙයි, පලි ගන්න ඕන නම් දැනටත් මගේ ලග තියන දේවල් හොදටම ප්‍රමාණවත්…...

Saturday, November 12, 2016

සිද්දන්තය

මම අහන්නේ දැන්, හදට කීදෙනක්ම ගල් ගැහුව්වද පොලු ගැහුව්වද, දැන් ඔය එකක්වත් වැදුනද, දැන් හද ඕව ගණන් ගත්තද, මම නම් කියන්නේ හද ඕවා ගණන් ගන්න තියා හද ඔය ගැන හාන්කවිස්සියක්වත් දාන්නේ නෑ, අහුව්වම නම් කියන්නේ මොරවක මිනිස්සු තමයි එහෙම කරන්නේ කියල, මම අහන්නේ එහෙම වෙන් කරන්න පුලුවන්ද මොරවක මිනිස්සු, මාතර මිනිස්සු, කොළබ මිනිස්සු, නුවර මිනිස්සු, දකුණේ මිනිස්සු, සුදු මිනිස්සු, කළු මිනිස්සු.……. ඔය ඔක්කොටම පොදු දෙයක් තියනවා ඒ තමයි “මිනිස්සු” ඉතින් මම අහන්නේ ඔය හැම ගමකටම, දෙයකටම පස්සේ මිනිස්සු කියන්නේ පොදු පදයක් නම්, කොහොමද එහෙම වෙන් කරලා අපි කතා කරන්නේ ?
මිනිස්සු වර්ග ඉන්නේ දෙගොල්ලයි එකක් ගැහැණු අනික පිරිමි, බාහිරින් පේන පොඩි පොඩි වෙනස් කම් වලට අනුව ඇරෙන්න මේ වර්ග දෙකේම ශරීර කුඩු හැදිලා තියෙන්නේ එකම මුලික සිද්දාන්ත වලට අනුකුලව,
දැන් ඔබ හිතනවා ඇති ඇයි මම රුදිරය පාට ගැන කතා නොකරන්නේ කියල, රුදිරය ගැන කතා කරන්න ගියෝත් වැඩේ තවත් සංකීර්ණ වෙනවා, එහෙම උනත් අපිට මිනිස්සු විතරක් වර්ග කරල බේරෙන්න වෙන්නෙත් නැහැ, මොකද සත්ව වර්ග වශයෙන් ගත්තොත් වැඩි ප්‍රමාණයක් සතුන්ගේ රුදිරය රතු පාටයි
සිද්දාන්ත ගැන කතා කරොත්,මම විශ්වාස කරන විදියටත් මම අත්දැකලා තියන විදියටත් ස්වභාවදර්මය හැමෝටම සලකන්නේ එකම විදියට, ඔබ ලෝකය වෙනුවෙන් මොනවාද කරනේ කියන දේ අනුව තමයි ලෝකයන් ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ, ඔබ ලෝකයේ පැවැත්මට බාදාවකින් තොරව එය ගලාගෙන යාමට උදවු කරානවා නම් ඔබටත් ලෝකය හැම විටම බාදාවකින් තොරව ඔබේ ජීවිතය ගලාගෙන යන්න උදවු කරනවා, මම හිතනවා ලෝකයේ ගොඩක් දේවල් ගොඩනැගෙන එකිනෙකාගේ විස්වාසය මත පදනම් වෙලා කියල මේක ජීවී වස්තුන් නොනැසී පවතින්න බොහෝ සේ උපකාරී වෙනවා, ඒ තරමටම විස්වාසය වැදගත් එනවා. මම කියන්න උත්සහ කරන්නේ, ඒ වගේ තමයි විශ්වය ගැන ඔබ විස්වාස කරන තරම වැඩි වන තරමට, මේ විශ්වය සැමටම එක විදියට සලකන බව විස්වාස කරන තරමට ඔබේ ජීවිත පහසු වෙනවා.
ඇත්තටම දැන් ඔබ හිටනවා ඇති මේ මිනිහා මොකද්ද මේ කියන්නේ කියල, හිතල බලන්න මේ කතාව පටන් ගත්තේ එක තැනකින්, නමුත් එක දෙයක් ඔස්සේ යන විට තවත් දෙයක් කතාවට ගලපාගන්නවා සමහර තැන්වල කිසිම ගැලපීමක් නැහැ, මම විස්වාස කරනවා ජීවින් හැදිලා තියෙන්නෙත් මේ වගේ, අපි ඔක්කම එකම අරම්බෙක කොටස් කරුවෝ, අපි ඔක්කොම ජීවින්, මේක එකම දම් වැලක් පුරුක්, හැම පුරුකක්ම එක වගේ වැදගත් එකිනෙකට. ඉතින් කොහොමද අපි එකිනක වෙන් කරන්නේ.
එකම අරම්බයක් විවිද මාර්ග ඔස්සේ ගැලපිම් නොගැලපීම් අනුව, කොතරම් ගැලපිම් නොගැලපීම් තිබුනත් කතාව ලියන්නේ එක්කෙනෙක් ඒ විශ්වය, බැලු බැල්මට මේ කතාව කිසිම ගැලපීමක් නෑ වගේ නේද, ඔබ විශ්වයත් දිහත් බලන්නේ මේ විදියටමයි, විශ්වය සංකීර්ණයි, සංකීර්ණ නිසාම ඔබ හිතනවා කිසි ගැලපීමක් නෑ කියල. ඇත්තටම ඔබ එහෙම හිතන එක ගැටළුවක් නෑ ඔබ කුඩා කාලයේ ඉදන් ඉගනගත්ත ක්‍රමය ඇතුළු රාමුවෙන් පිටතට හිතන්න උගන්නලත් නැහැ උබ උත්සහ කරත් එයට අවස්ථාවක් දීලත් නැහැ.
පොඩ්ඩක් ඉන්න තවත් නොගැලපීමක් හමු උනේ නැද්ද, ඔබ දැන් හිතනවා මුලින්ම “සමහර තැන්වල කිසිම ගැලපීමක් නැහැ” කියල කිව්ව මම දැන් කියනවා ඔබ හිතන්නේ එහෙමයි කියල. මේකයි මම එහෙම කියන්න හේතුව, සමහර සිද්දාන්ත තියනවා, පළමු සිද්දාන්තය බොරුවක් උනත් අපිට එක ඉගන ගන්න වෙනවා, දෙවන සිද්දන්තය ගොඩනගන්න, දෙවන සිද්දන්තය නිවැරදිව ගොඩනැගු පසු පළමු සිද්දන්තය වැරදි බව ඔබට ඉබේම තේරෙනවා,

අපිට බැහැ විශ්වයට මෙයා අවශ්‍ය නෑ කියල ඒ කෙනා අයින් කරන්න, එහෙම අයින් කලොත් ඔබට වෙනවා ඒ අඩුව පුරවන්න දිනක. මේ හැම දේම අපි විශ්වයෙන් ණයට ගැනීමක්, සෑම නයකටම පොලියක් ගෙවන්න වෙනවා, පොලිය විදියට විශ්වය බලාපොරොත්තු වෙන්නේ විශ්වයේ ගමනට උපකාරී වීමයි, මොන දේ උනත් ඔබ විශ්වයට උදවු නොකරත් කරත් විශ්වයත් තමන්ගේ කතාව ලියාගෙන යනවා, විශ්වයට අපි හැමෝම එක වගේ වටිනවා.
මේ හැම දෙකම අවසානයේ මම උබට කියන්නේ, පුළුවන් නම් විශ්වය වගේ වෙන්න, කවුරු උදවු නොකරත් කරත් විශ්වය වගේ තමන්ගේ කාර්ය කර ගෙන යනන,අපිට එහෙම වෙන්න පුළුවන් මොකද මමත් ඔබත් අපි හැමෝමත් මේ විශ්වයේ කොටස් කාරයෝ.
~ළෙව්සුරු උඩුගමසූරිය~
-----------------------------------------------------------------------------
සැගවුන අරුත -
මම අහන්නේ දැන්, හදට කීදෙනක්ම ගල් ගැහුව්වද පොලු ගැහුව්වද, දැන් ඔය එකක්වත් වැදුනද, දැන් හද ඕව ගණන් ගත්තද, මම නම් කියන්නේ හද ඕවා ගණන් ගන්න තියා හද ඔය ගැන හාන්කවිස්සියක්වත් දාන්නේ නෑ,
ඔබ සදටත්, ගල් මුගුරු චෝදනා ලෙසත් සලකන්න

අහුව්වම නම් කියන්නේ මොරවක මිනිස්සු තමයි එහෙම කරන්නේ කියල,ඔබ අනිත් අයට වඩා වෙනස් කියල උලුප්පල පෙන්නන්න උත්සහා කරාවි බහුතරය  

මම අහන්නේ එහෙම වෙන් කරන්න පුලුවන්ද මොරවක මිනිස්සු, මාතර මිනිස්සු, කොළබ මිනිස්සු, නුවර මිනිස්සු, දකුණේ මිනිස්සු, සුදු මිනිස්සු, කළු මිනිස්සු.……. ඔය ඔක්කොටම පොදු දෙයක් තියනවා ඒ තමයි “මිනිස්සු” ඉතින් මම අහන්නේ ඔය හැම ගමකටම, දෙයකටම පස්සේ මිනිස්සු කියන්නේ පොදු පදයක් නම්, කොහොමද එහෙම වෙන් කරලා අපි කතා කරන්නේ ? අපේ අදහස් නොගලපුනට අපි ඔක්කොම එකයි

එකම අරම්බයක් විවිද මාර්ග ඔස්සේ ගැලපිම් නොගැලපීම් අනුව, කොතරම් ගැලපිම් නොගැලපීම් තිබුනත් කතාව ලියන්නේ එක්කෙනෙක් ඒ විශ්වය, බැලු බැල්මට මේ කතාව කිසිම ගැලපීමක් නෑ වගේ නේද, ඔබ විශ්වයත් දිහත් බලන්නේ මේ විදියටමයි, විශ්වය සංකීර්ණයි, සංකීර්ණ නිසාම ඔබ හිතනවා කිසි ගැලපීමක් නෑ කියල මේ කියන්නේ කතා රචකයා ගැන

සමහර සිද්දාන්ත තියනවා, පළමු සිද්දාන්තය බොරුවක් උනත් අපිට එක ඉගන ගන්න වෙනවා, දෙවන සිද්දන්තය ගොඩනගන්න, දෙවන සිද්දන්තය නිවැරදිව ගොඩනැගු පසු පළමු සිද්දන්තය වැරදි බව ඔබට ඉබේම තේරෙනවා,
කතා රචකයා උත්සහ කරනවා ලෝකෙට වෙනස් දෙයක් හදුන්වා දෙන්න, නමුත් ඔහුට බැහැ මිනිසුන්ට තේරුම් කරලා දෙන ඔහු දකින පරාසය ගැන ප්‍රථමික දැනුම්වත් නැති මිනිසුන්ට මෙය තේරුම් කරලා දෙන්න, ඒ නම් ඔහුට මදකට ඔහුගේ පරාසයෙන් මිදිලා මිනිස්සුන් ගේ මතය පිළිගන්න බව පෙන්වන්න වෙනව මොකද මිනිසුන් ආක්‍රමණශීලී ජාතියක් නිසා එක සරයේම නව මතයක් ගොඩ නගන්න යාමේදී ඔවුන් එකට විරුද්ද වෙනවා,රචකයා ඔහුගේ මතය ටිකක් සංකීර්ණ ප්‍රහලිකාවක් විදියට දෙනවා විසදන්න, මිනිස්සු තමට දෙන ප්‍රශ්න ඉක්මානට විසදන්න හරි කැමති, මොකද තම වර්ගය අතර තමන් සුවිශේෂී කියල කැපිල පෙන්න මිනිස්සු හරි කැමත, අවසානයේ මිනිසුන්ට ප්‍රහලිකාව විසදන්න බැරි වෙනවා අවසානයේ මිනිසුන් ඉල්ලසිටිනවා ඔබේ ප්‍රහලිකාව අපට විසදලා පෙන්නන්න කියල, අන්න එතකොට දැන් මිනිසුන් සුදානම් අලුත් මතයක් අලුත් සිද්දන්තයක් ඉගන ගන්න එවිට රචකයට පුළුවන් ඔහුගේ පරාසය මිනිසුට පෙන්වන්න,එවිට මිනිසුන් තුල දෙවන සිද්දාන්ත්ය ගොඩ නැගුනු පසු,තව දුරටත් පළමු සිද්දන්තය බලපවත්වන්නේ නැහැ එවිට මිනිසුන් තේරුම් ගනීවි රචකයා පළමු සිද්දාන්තය පිලි ගත්තේ දෙවන සිද්දාන්තය ගොඩ නැගීමට පමණක් බව.
 
මේ හැම දෙකම අවසානයේ මම උබට කියන්නේ, පුළුවන් නම් විශ්වය වගේ වෙන්න, කවුරු උදවු නොකරත් කරත් විශ්වය වගේ තමන්ගේ කාර්ය කර ගෙන යනන,
විශ්වය = රචකය
~ළෙව්සුරු~ හදවතට ඉසුරු ගෙන එන්නා


Thursday, November 10, 2016

විරල මිනිසුන් අතරත් විරල මිනිසෙක්


මිත්‍රයා නුබ වෙනදා මෙන් උයන දෙස ආදරයෙන් නොබලාම එතනින් වේගයෙන් උයන පසු කර ඉතා සතුටකින් නික්මුනා ,ඔබේ වේගය වැඩි වීමටත් සමග මේ ලෙස සතුටු වීමත් අතර කුමක් හෝ හොද පැහැදිලි කීරීමක් ඇති බව නම් සැකයක් නෑ මිත්‍රයා, කුමද්ද හේතුව

මිත්‍රයා ඔබ දුටුවේ මා උයන දෙස බලනවා පමණි නමුත් මම සැම දිනකම බැලුවේ උද්‍යානය මද්‍යයේ ඇති විශාල ඔක් ගස දිහා, නමුත් මා පුදුම වන්නේ නැහැ ඔබ එය හදුනා නොගැනීම ගැන, කුමක් නිසාදයත් ඔබත් අන් අය මෙන්  මා තේරුම් ගැනීම සදහා ලං වී බලන තරම වැඩි වන තරමටම ඔබ මුලාවට පත් වනවා වැඩි මිත්‍රයා, සමහර සරල දේවල් ගැබුරින් අධ්‍යනය කරන විට ඔබට වැරදි නිගමන ඉසිමතුවනවා,
මේ සිද්දන්තය  අපි හැමෝටම පොදුයි මිත්‍රයා,

ඔබ හරි වන්න පුළුවන් මිත්‍රයා නමුත් මගේ පැනයට තවම නිසි පිළිතුරක් දෙන්න නම් ඔබ අපොහොසත්.

නෑ මිත්‍රය මා මේ කියූ කතාව මා මේ කියන්නට යන කතාවේ අවසානය තවත් රසත් කරනවා නොවනුමනයි.
හොදයි මා වේගය වැඩි කරේත් සතුටු වුවෙත් එකම කාරණයකටයි, මිත්‍රය ඔබ දුටුවද ඒ ඔක් ගස යට සිටි පෙම්වතුත් යුවල, ඒ තමයි මා කලින් පෙම් කළා යයි කියූ යුවතිය,

මදක් නවතින්න මගේ මිත්‍රයා මම නුබ ගැන කල අධ්‍යනයන් යම් තාක් දුරට හෝ  නිවැරදි නම්, ඔබ ගමන ඉක්මන් කරන්නට හේතුව නම්, ඇය ඔබව දුටුවානම් සැකයක් නෑ මිත්‍රය ඇය ලොකු අපහසු තවයකට පත්වනවා ,

අනිවාර්යෙන්ම මගේ මිත්‍රය ඔබ නිවැරදි.

මම හිතනවා ඔබට ඔය නිගමනයට එන්න හැකි වූවානම් සැකයක් නැහැ ඔබට හැකියි මා සතුටින් සිටීමට හේතුව කුමක්දැයි උපකල්පනය කිරීමට.

නිසැකවම මා එයටත් හේතුව කියන්නම්,

මිත්‍රයා මට පුදුමයි නුබ ගැන ,
එදා නුබ අසීමිතව ආදරය කල ඒ යුවතිය අද තව කෙනෙකුන් සමග අතින් අත වේලි මුකුළුපාන සැටි දැක දැකත් කොහොමද  ඔයහැටි කිසිදු වෛරයකින් තොරව ඒ දෙස බලා ඔය තරම් සතුටු වෙන්නේ ?

මගේ උගත් මිත්‍රය අප ආදරය කරනවුන් අප සමගම සිටිය යුතුම කියා නියමයක් නැහැ, මම හිතන විදියට වඩා වැදගත් ඔවුන් අප සමග නොසිටියත් කොහේ හෝ තැනක අපත් සමග සිටියට වඩා වැඩි සතුටකින්, කවුරුන් හෝ සමග සිටීමයි, මම හරි නේද මිත්‍රයා.

දැන් මට තේරෙනවා මිත්‍රයා ඔබ මට පෙර කියූ සිද්දන්තය  ඇයටත් පොදු වන්නට ඇති නිසැකවම.

ඔව් ඇයත් බොහෝ සරල දේවල් පිළිබද ගැබුරින් අධ්‍යනය කරන්නට පෙලබුනා අවසානයේ සුපුරුදු පරිදි වැරදි නිගමනයන් ඉස්මතු වුවා,

මිත්‍රයා ඇත්තටම ඔබ විරල මිනිසුන් අතරත් විරල මිනිසෙක්,



ළෙව්සුරු උඩුගමසූරිය

Tuesday, May 24, 2016

පසුතැවීම

හැකි නම් කරන්නට 

දුක, 
කණගාටුව,
පසුතැවීම
.
සිහිවන විට ඔවුන් ඔබ අහිමි කරගත් බව
.
ඔබව 
ප්‍රතික්ෂේපකල වු , 
හැරගිය වු ,
රිදවූ ,
පළිගත්
උහුන්හ
ට 


ළෙව්සුරු

Monday, May 23, 2016

පළිය


ගනිමි දිනක 
පළිය 
මා
ගසා  පොල් 
අබරා මිරිස්
නොව 
වී, 

සාර්ථක
ළෙව්සුරු

සාර්ථකත්වයට


හැකි නම්,
දිනක වන්නට
සාර්ථක 
එයයි හොදම පලිගැනීම 

ඔබට 

රිදවු ,

ප්‍රතික්ෂේප කල වූ,
වංචා කල වූ
අයට
                  

ළෙව්සුරු


Saturday, February 20, 2016

සතුට


 ඔබ වයස 18ත් 32ත්  අතර  කාලය සතුටින් සිටින අයෙකු නම්, 
ඔබගේ දෙමාපියන්  පොහොසතුන්ය 
නැතහොත් 
 ඔබට බලාපොරොත්තු හා ආශාවන් අඩු අයෙකි.
 

ළෙව්සුරු