Thursday, November 17, 2016

facts and evidence

මිනිස්සු ගොඩක් අදුනනව කියන්නේ යාලුවෝ ගොඩක් ඉන්නවා කියන එක නෙවෙයි, අපි කටබහ කරලා අදුන ගෙන හිනා වෙලා hi bye කියන ඔක්කොම යාලුවොද? සමහරු හිතන් ඉන්නේ නම් එහෙමයි.
මට වංචා කරලා මව රවට්ටලා මගේ යාලුකමෙන් යුතු ප්‍රයෝජන අරගත්ත, මිනිස්සු හිතනවා මම මෝඩයෙක් කියල.
ඇත්ත මම මෝඩයෙක් උනා, දවස දෙක තුනක් හම්බ වෙලා උදේ හවස මීට් වෙලා හොදට හිනා වෙලා එක බත් එක කන්න සෙට් උන ගමන්, ගෙවල් වලට ගෙන්නාගෙන කන්න බොන්න දීල, සමහරුන්ට උදේ පාන්දර  ට්‍රිප් යන්න ඕන උනාම මහා රෑ ගෙවල් වල ඉන්න දීල, සමහරුනට bday වලට පාර්ටි දන්නා සල්ලි එකතු කරාම සල්ලි තියෙද්දී අනේ වැඩක් නෑ බන්, ඇයි බන් උබට කහනවද ඕව කරන්න,කියද්දී උන් සල්ලි දෙන්න අදිමදි කරාම මමම සල්ලි දාල උබලගේ bday වලට පාර්ටි සෙට් එකතු කරන්අපු වෙලාවල් තියනවා,.....  කියන්න පුළුවන් තව ඔය වගේ කරපු එක එක,එක එක්කෙනාට කරපු දේවල් වෙන වෙනම කියන්න ඕන නෑ මම කරේ සහ කරපුව දන්නෝ දනිති මම කරපු හැටි, මට ලෝකෙට අණ බෙර ගගහ කියන්න ඕන නෑ, ඒ කරපු දේවල් දැන් මෙහෙම හරි ටිකක් කිව්වේ කාටද මේ මම කියන්නේ කියල උන් දාන ගන්න ඕන නිසා. ඒ වගේ විස්වාස කරා මම. ඒ විශ්වාසයට උබ දීපු නම තමයි අරු මහා මෝඩයෙක්.

සමහරු කරන්න තියන ජරාම වැඩ කරලා, මගේ අතට අත දීල අහනවා මචන් වුලක් නෑ නේ කියල,
ඒ වෙලේම කියන්න ඕන එක මුනට කියනවා මම, එහෙම කිව්වට පස්සේ අන්තිමට ඔක්කොම බොක්කවල් කොහෙද නෑ, මොකද උන්ගේ වටේ ඉන්න උන් දන්නවා උන් කරපු දේවල් මාට්ටු උනොත් උන්ට මම කියන්නෙත් ඒ කතාවම තමයි කියල . උබල කිව්වා කතා,උබල පොඩ්ඩ පොඩ්ඩ  කරපු සක්කිලි වැඩ මට මාට්ටු වෙද්දීත් මම කට වහගෙන කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව ඉන්න කොට උබල හිතන්නේ අරු මහා මෝඩයෙක් කියල.උබල  ඒකෙන් තව අයුතු  ප්‍රොයෝජන ගන්නවා අදටත් මම කටවහගෙන හිටිය නම්, එහෙනම්  මම අදටත් උබලයි බොක්ක, උබල මට කතා කරනවා , එහෙනම් උබල අදටත්  comment  කරයි like කරයි.උබල එක්ක ඇවිදිනවා උබල එක්ක ෆිල්ම් බලනව,

ඔබල ගැන කොච්චර දේවල් සමහර මිනිස්සු මට කිව්වද අරු මෙහෙමයි මු මෙහෙමයි කියල, මම ඒවා එකක්වත් ඇහුව්වේ නෑ උන් එහෙම කියද්දී පවා මම උබලව විස්වාස කරලා උන්ව කැපුවා, අද උබල මව කපල උබල ගැන කතා කියාපු උන් කවුද කියල උබල දාන දැනත් උබල ඔක්කොම දැන් එතකු වෙලා.  එදා මට උබල ගැන කිව්වා වගේම උබලට මම ගැනත් දැන් කියනවා ඇති.

මගේ වටේ හිටපු උන් එක්ක උබල අද බොක්කේ ෆිට් එකක් තියනවා නම්, අනිවා එකට මම ලොකු හේතුවක් වෙන්න ඕන, මට මේක ලොකු අවුලක් ඉස්සර, අදින් පස්සේ මම මේක අවුලක් කරගන්නේ නෑ, මට ඕන උබල මම මෝඩයෙක් කියල හිතන් ඉන්න එක නතර කරන්න, ගොඩක් අයගේ දේවල් එකතු කරනවා ඒ මට ඕන උබල මම ගැන හිතුව දේවල් වැරදි කියල ඔප්පු කරන්න ඕන නිසා, නැතුව පලි ගන්න ඕන නිසා නෙවෙයි, පලි ගන්න ඕන නම් දැනටත් මගේ ලග තියන දේවල් හොදටම ප්‍රමාණවත්…...